Skip links

ආපදා සමය තුළ නිකුත් කර ඇති හදිසි අවස්ථා නියෝග සහ මාධ්‍ය/සමාජ මාධ්‍ය භාවිතය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අංක 2664/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2025 නොවැම්බර් 28 වනදා සිට ශ්‍රී ලංකාව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ප්‍රකාශනයත් සමගම හදිසි අවස්ථා නියෝග පැනවීම සඳහා ජනාධිපතිවරයාට නීතිමය බලය ලැබුණු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් මස 28 වැනිදා අංක 2464/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2025 අංක 1 දරන හදිසි අවස්ථා ( විවිධ විධිවිධාන හා බලතල) නියෝග පනවන ලදී.

මෙය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හැසිරවීමෙහි දී යෙදෙන ඔබව අදාළ නීතිමය පසුබිම පිළිබදව දැනුවත් කිරීම සදහා සැකෙවින් සකසන ලද තොරතුරු පත්‍රිකාවකි.

මෙම තොරතුරුවල දැනුවත්භාවය සඳහා සහ මහජනතාව දැනුවත් කිරීම උදෙසා ඔබ සැම අතරේ මෙම පත්‍රිකාව හුවමාරු කරගන්න.

මාධ්‍ය නීති සංසදය වෙනුවෙන් සකස් කළේ,
නීතීඥ ජගත් ලියන ආරච්චි

Emergency Orders Issued During the Disaster Period and the Use of MediaSocial Media- MLF

Gazette Extraordinary No. 2464-31 Sinhala

Gazette Extraordinary No. 2464-31 tamil

Gazette Extraordinary No. 2464-31 English

Leave a comment

This website uses cookies to improve your web experience.